සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනය නිමාවේදී කඩුලු අටක් දැවී ලකුණු 284ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95ක් ලබාගැනීමට ලින්ටන් දාස් සමත් වූ අතර නායක මෙමිනුල් හක් ලකුණු 70ක් ලබාගැනීමට සමත් වූවා.
නොදැවී පන්දුවට පහර දෙන මහ්මුඩුල්ලා ලකුණු 54ක්ද ටස්කින් අහ්මඩ් ලකුණු 13ක්ද ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Blessing Muzarabani කඩුලු තුනක්ද Donald Tiripano සහ Victor Nyauchi කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
Richard Ngarava එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වූවා.
Hits: 1