තවත් කොවිඩ් මරණ 38ක්

0 46

කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ තවත් මරණ 38ක් ඊයේ(07) දිනයේදී තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3351ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ(07) දිනයේ තහවුරු කරන ලද මරණ 38 අතරින් මරණ දෙකක් වයස අවුරුදු 30ට අඩු කාන්තාවකගේ සහ පිරිමි අයෙකුගේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම අවුරුදු 30ත් 59ත් අතර මරණ හතක් වාර්තා වන අතර ඉන් දෙදෙනෙක් කාන්තාවන්.

අවුරුදු 60ට වැඩි මරණ 29ක් වාර්තා වන අතර ඉන් 14ක් කාන්තාවන් වනවා.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 268676ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මේ වන විට 238131 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් 27232 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

Hits: 2

You might also like
Comments
Loading...