සහරාන්ගේ අන්තවාදී දේශනවලට සම්බන්ධ වූ තවත් අයෙක් අල්ලයි

0 25

සහරාන් හෂීම් නැමති ත්‍රස්තවාදියා සහ ඔහුගේ අනුගාමිකයින් විසින් 2018 – 2019 අතර කාලයේදී පවත්වන ලද පංතිවලට සහභාගී වූ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණයා නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින්.

වයස අවුරුදු 24ක් පමණ වන මෙම තරුණයා කොච්චිකඩේ දලුවකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

Hits: 0

You might also like
Comments
Loading...