බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

0 27

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි.

දිව්රුම්දීමෙන් අනතුරුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතා ඔහුට නියමිත පාර්ලිමේන්තු අසුන වෙත රැගෙන යනු ලැබුවා.

ඔහුට ලැබී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වන ආසනය හෙවත් ජනාධිපතිවරයාගේ අසුනට දකුණු පසින් ඇති ආසනයයි.

බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

Hits: 2

You might also like
Comments
Loading...