බැසිල් මුදල් ඇමතිකමේ දිවුරුම්දෙයි

0 25

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රථිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ මුදල් අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස නම් කරමින් සහ අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක සංශෝධන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ආර්ථික ප්‍රථිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිර්ීමේ අමාත්‍යංශය ලෙසයි නව අමාත්‍යංශය නම් කර ඇත්තේ.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ආර්ථික වර්ධනය හා සමාජීය ප්‍රගතිය වේගවත් කිරීම සදහා අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සැළසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම අමාත්‍යංශයේ විෂය පථය ලෙස එහි සඳහන්.

මෙම නව අමාත්‍යංශය වෙත කාර්යයන් හා කර්තව්‍යයන් 05 ක් ඇතුළත් කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවට මෙන්ම දේශීය නිෂ්පාදන හා සැපයුම්කරුවන්ට සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සහතික වන පරිදි ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කර ජීවන වියදම සහ භාණ්ඩ හා සේවා පාරිභෝගික ජනතාව අතරට ගලායාම අධීක්ෂණය හා සමාලෝචනය කිරීමද එම කාර්යයන් අතරට අයත්.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ඇතුලූ සුවිශේෂී ප්‍රමුඛතා 06 ක්ද ආර්ථික ප්‍රථිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට පැවරී තිබෙනවා. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව * ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව * ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුලූ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 10ක් මෙම නව අමාත්‍යංශයට ඇතුළත් කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවට මෙන්ම දේශීය නිෂ්පාදන හා සැපයුම්කරුවන්ට සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සහතික වන පරිදි ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කර ජීවන වියදම සහ භාණ්ඩ හා සේවා පාරිභෝගික ජනතාව අතරට ගලායාම අධීක්ෂණය හා සමාලෝචනය කිරීමද එම කාර්යයන් අතරට අයත්.

මේ අතර අලූතින් ආරම්භ කළ සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් මෙම ගැසට් නිවේදනය මගින් ඇතුළත් කර ඇත්තේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයටයි.

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක් අලූතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද ඊට ඇතුළත් කර තිබෙනවා.

අලූතින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු , පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය ආමාත්‍යාංශයක් ද ස්ථාපිතයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලය හා රජයේ පොහොර සමාගම් ඇතුළු ආයතන 7 ක් නව රාජ්‍ය ආමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

Hits: 0

You might also like
Comments
Loading...