යාපනය, ඩෙල්ෆ් දූපතෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් දකුණු ඉන්දීය වේදාරනියම් වෙරළට ඊයේ(07) ගොඩ ගසා ඇති බව ඩෙල්ෆ් පොලිසිය පවසනවා.
දකුණු ඉන්දීය ආරක්ෂක අංශ අදාළ මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දී ඇති බවද පොලිසිය කියා සිටියා.
පොලිසිය පැවසූවේ පසුගිය 01 වැනිදා මුහුදු ගොස් අතුරුදහන්වු සිල්වෙස්ටර් මරියදාස් නමැති 65 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඩෙල්ෆ් දූපතේ අටවන වටරවුම් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලෙයකු පසුගිය 01 වැනිදා සවස මුහුදු ගොස් තිබියදී අතුරුදහන්ව සිටි බවද ප්‍රදේශවාසීන් පැවසුවේ.
ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අදාළ පුද්ගලයා අතුරුදහන් වන්නට ඇති බවට සැකකරන බවද දූපත්වාසීන් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Hits: 4