වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ පදිංචි පවුල් 500කට අයත් පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් බීමට ජලපොදක් නොමැතිව මේ දිනවල පීඩාවට පත් ව තිබෙන බව වාර්තා වනවා.
ජලසම්පාදන මණ්ඩලය මගින් නල මගින් ලබාදෙන ජල සම්බන්ධතා මෙම මහආරගම ප්‍රදේශයේ ජනතාව ලබාගෙන ඇති නමුත් එම ජලය සතියකට එක්දිනක් පමණක් ලැබීම මෙම ජල අර්බුදයට හේතු වී තිබෙනවා.
සෑම සතියකටම එක් දිනක් රාත්‍රී කාලයේ දී හෝ අලුයම් කාලයේ ජල සම්පාදන මණ්ඩලය විසින් නල ජලය ලබාදීමට කටයුතු කරන අතර එලෙස ලබාදෙන ජල සම්බන්ධතාවද පැයකින් හෝ පැය දෙකකින් විසන්ධි කිරීමට පියවර ගෙන තිබීම නිසා මෙම ජනතාව දැඩිලෙස අසරන වී තිබෙනවා.
මෙලෙස ජලය නොමැති වීම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව කිලෝමීටර් ගණනාවක් ගොස් බීමට පමණක් ජලය ලබාගැනීමට කටයුතු කරන අතර අනෙකුත් ජල අවශ්‍යතා එලෙස රැගෙන එන ජලයෙන් සපයාගත නොහැකි බවද ජනතාව පවසනවා.
ඇතැම් විට බවුසර් රථ මගින් ජලය ලබාදීමට විවිධ පාර්ශ්ව කටයුතු කරන අතර එලෙස ලබාදෙන ජලයද බීමට හෝ වෙනත් අවශ්‍යතාවකට ලබාගැනීමට නොහැකි තරම් අපිරිසිදු තත්ත්වයේ පවතින බවද ජනතාව සදහන් කරනවා.
මේ දින වල ප්‍රදේශයට පවතින දැඩිවියලි කාලගුණය නිසා ප්‍රදේශයේ ඇල මාර්ග මෙන්ම ජලය ලබාගන්නා වෙනත් ජල මූලාශ්‍ර ද සිදීගොස් ඇති අතර එම තත්ත්වය නිසා ජල ගැටලුව තවත් වැඩී වී තිබෙනවා.
මෙම ජල ගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
Hits: 3