පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

0 21

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවට යොමුකර කර තිබෙනවා.

අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ඊයේ(07) අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමාකිරීමට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු කර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳවත් කාරක සභාවේ අවධානයට යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කරනවා.

Hits: 0

You might also like
Comments
Loading...