බලපත් නීති උල්ලංඝනය කරමින් ලොරි රථයක පටවා එළුවන් 68 දෙනෙකු ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ(07) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව කනගරායන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය සිට පුත්තලම දක්වා කුඩා ලොරි රථයක බලපත් නීති උල්ලංඝනය කරමින් එළුවන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් එළුවන් 30 දෙනෙකු ප්‍රවාහනයට අවසර ලබාගෙන එළුවන් 68 දෙනෙකු ප්‍රවාහනය කොට තිබු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
සැකකරුවන් නියමිත ඉඩක් නොපවතින ලොරි රථයක එළුවන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Hits: 0