මිනිමුතු මෝරෙකුගේ මළ සිරුරක් මුලතිව් වෙරළට ගොඩ ගසයි

මාධව කුලසූරිය - වවුනියාව

0 192

මුලතිව්, අලම්පිල් උතුර වෙරළ තීරයට මියගිය මිනිමුතු මෝරෙකුගේ මළ සිරුරක් ඊයේ(07) ගොඩගසා තිබු බව මුලතිව් ධීවර ජනතාව පවසනවා.

ධීවර ජනතාව පැවසූවේ අඩි 15 කට ආසන්න දිගින් යුතු මිනිමුතු මෝරෙකුගේ මළ සිරුරක් එලෙස වෙරළට ගොඩගසා තිබූ බවයි.

පසුගිය 16 වැනිදා මුලතිව් කෝකිලායි වෙරළටද මිනිමුතු මෝරෙකු පැමිණ තිබු අතර,            ප්‍රදේශයේ ධීවර ජනතාව හා නාවික නිළධාරීන් මෝරා නැවත දියඹට යොමු කළා.

මෝරා කුමන හේතුවක් මත ජිවිතක්ෂයට පත්ව ඇත්ද යන්න සොයා මුලතිව් වනජිවි නිළධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා මුලතිව් වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...