යාපනයේදී ව්‍යාපාරිකයෙකු කපා තුවාල සිදුකරලා

මාධව කුලසූරිය - වවුනියාව

0 16

යාපනය, නගරයේ වෙළඳසැළක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට ඊයේ(07) පුද්ගලයෙකු විසින් කැපුම් තුවාල සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වු පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අදාළ ගැටුම සිදුව ඇති බවයි.

සිදුවීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Hits: 0

You might also like
Comments
Loading...