කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත හෙයින් මෙම පියවර ගත් බවයි.
කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසයි.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (07) සිට ආරම්භ කෙරුණා.
Hits: 0