සීමා ලිහිල් කිරීමේදී සැලකිලිමත් වන්න

කොරෝනා අවදානම එලෙසමයි - WHO අනතුරු අඟවයි

0 115

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවතින අවදානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකානු කලාපයේ රටවලින් පමණක් මිලියන ගණනක් ආසාදිතයන් සතිපතා හඳුනා ගැනෙන අතර, යුරෝපය තුළ ද විශාල වශයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තා වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් මහතා පවසනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරි මයික් රයන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව කොරෝනා රැල්ලක ව්‍යාප්තියේ ආරම්භක අවස්ථාවට රටවල් රැසක් මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි.

ඒ හේතුවෙන් තවමත් දැනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව ඔහු සඳහන් කර සිටිනවා.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්සෝ මොයට් ද ප්‍රකාශ කළේ අප්‍රිකානු මහ­ාද්වීපය තුළ කොරෝනා තුන්වැනි රැල්ල දරුණු වී ඇති බවයි.

රටවල් 53කින් 36කම පසුගිය මාස දෙකක කාලය තුළ මරණ හා රෝහල්ගත වීම් අඩුවීමත් සමඟ පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානි හෑන්ස් ක්ලූග් ද කියා සිටියේ කිසියම් පුද්ගලයකු සංචරණය තෝරා ගන්නේ නම් එහි වගකීමද ඔහු හෝ ඇය විසින් භාර ගත යුතු බවයි.

Hits: 1

You might also like
Comments
Loading...