ඩුබායිහි සිටින අපරාධකල්ලි සාමාජික චමීගේ සමීපතමයෙකු හෙරොයින් සමග අල්ලයි

0 19

දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමී යන අයගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක්ද සමග අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය ජූනි 29 වනදා හංවැල්ල පොලිස් වසමේ දී වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කඩු සහ මන්නා පිහිවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළවයි.

යතුරු පැදියකින් පැමිණි 03 දෙනෙකු විසින් වෑන් රථය නතර කර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණා.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඩුබායි හි සිටින චමී නමැත්තා විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබාදී මරණ තර්ජන සිදුකර කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි.

එසේ නොලැබීම මත ඔහුගේ මෙරට සිටින ගෝලයන් ලවා මෙම අපරාධය සිදුකර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාල පහරදීම සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද හමුවී ඇතැයි පොලිසිය සඳහන් කලා.

එය සමරප්පුලිගේ චමින්ද බුද්ධික නමැත්තාට යවා ඇති බවද හෙළිකරගෙන තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර අත්අඩංගුවට ගත් සැකකරු අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hits: 1

You might also like
Comments
Loading...