ත්‍රිරෝද රථයකින් කේරළ ගංජා ගෙනගිය අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 29

යාපනය, කයිට්ස්, අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද(08) සවස යුධ හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යුධ හමුදා නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී මගීන් ප්‍රවාහනය කරන මුවාවෙන් ත්‍රිරෝද රථයක පටවාගෙන කේරළ ගංජා කිලෝ 6 ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කළ අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය, අල්ලෙපිට්ටි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු වන බවද පොලිසිය කියා සිටියා.

සැකකරු සතුව තිබු කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ අටක පමණ වටිනාකමින් යුතු වන බව යාපනය ආරක්ෂක අංශ සඳහන්  කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හා කේරළ ගංජා තොගය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...