සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසටත් කොවිඩ් මර්දන එන්නත්

0 28

සංචාරක මග පෙන්වන්නන් ඇතුළු සංචාරක කේෂ්ත්‍රයට සෟජුවම සම්බන්ධ පිරිසට කොවිඩ් මර්දන එනනත් ලබා දීමට තීරණය කර තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම වැඩපිළිවෙළ දකුණු පළාතෙන් හෙට(10) දිනයේදී ආරම්භ කරන බවයි.

ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ 30,000කට ආසන්න පිරිසකට එන්නත් ලබාදීමට නියමිතයි.

යුද හමුදාවේ ද සහය ඇතිව ස්ථාන 08ක එන්නත් කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු පළාතෙන් අනතුරුව මහනුවර, නුවරඑළිය සහ කොළඹ දිස්ත්‍රික්කවල සංචාරක මගපෙන්වන්නන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසට එන්නත් කරන කටයුතු සිදුකරන බව, අමාත්‍යාංශය ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් මීළඟ කොරෝනා ප්‍රභේදයකට මුහුණදියහැකි බවයි. 

 

Hits: 0

You might also like
Comments
Loading...