නිති විරෝධිව ගෙනා කහ කිලෝ 672ක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 22

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට ගෙනැවිත් බෙදාහැරීමට සුදානම් කොට තිබූ වියළි කහ කිලෝ 672ක් ඊයේ(08) අලුයම මන්නාරම යුධ හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යුධ හමුදා නිළධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් ඇති අතර, සැකකරුවන් කුඩා ලොරි රථයකට පටවා තිබු උර 18 ක අදාළ වියළි කහ තොගය අසුරා තිබු බවද පොලිසිය කියා සිටියා.

සැකකරුවන් ජාවාරමට යොදාගත් කුඩා ලොරි රථයක්, බෝට්ටු එන්ජිමක් ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වියළි කහ තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...