අද දවසේ කාලගුණික තත්ත්වය

0 37

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද(10) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම උතුරු මැද පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දකවා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පලාත්වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ද ඇති විය හැකියි.

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

Hits: 2

You might also like
Comments
Loading...