පස් කන්දක් කඩා වැටී නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටී

ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 62

ප්‍රදේශයට පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ, නල්ලතන්නිය “මෝහිනී ඇල්ල” ප්‍රදේශයේ  විශාල පස් කන්දක්  අද (10) අළුයම කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසනවා.

නල්ලතන්නිය, මොහිනී ඇල්ල ස්ථානයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රධාන මාර්ගය පුළුල් කිරිමේදී ඉහළින් පිහිටි පස්කඳු කපා ඉවත් කිරීමෙන් පසුව වර්ෂාධික අවස්ථාවලදී මෙම ස්ථානයේ නිරන්තර නාය යෑම්වලට ලක්වනවා.

පස්කන්ද ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වූඩ් විධායක ඉංජිනේරු කාර්යාලය මගින් කඩිනම් පියවර ගන්නා බව එම කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා.

මස්කෙළිය-නල්ලතන්නිය මාර්ගයේ රථ වාහන ධාවනය ඇණහිට තිබීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවයි එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.

පස් කන්දක් කඩා වැටී නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටී

 

 

Hits: 1

You might also like
Comments
Loading...