සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පවතින අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් තවදුරටත් දින 14ක් සඳහා දීර්ඝ කර ඇති අතර පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.
කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු බවත් ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
තවද මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකි වනවා.
මීට අමතරව වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගිත්වය 50දෙනෙකු ට සීමා කර තිබෙනවා.
අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල් විවෘත කිරීමට ද අවසර දී තිබෙනවා.
නිකුත් කළ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.
Hits: 1