රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇති බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සමාජ මාධ්‍යයන්හි පළවන මෙම වාර්තාවන් සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මේ බව කියා සිටියා.
හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස්කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.
Hits: 1