ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 83

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ වාන් දොරටු තුනක් ස්වංක්‍රියව විවෘත වී ඇති බවත්, තවදුරටත් එම ජලපෝෂක ප්‍රදේශවලට තදවැසි පතිතවුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටිනවා.

පවතින අධික වර්ෂාවත් සමග හැටන් දිඹුල පතන ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති අතර, ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේද ජලධාරිතාව ඉහල ගොස් තිබෙනවා.

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

Hits: 1

You might also like
Comments
Loading...