ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් සඳහා පළමු අදියරේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මේ අතර කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර ප්‍රදේශ කිහිපයකින් එම ගංඟාවල පිටාර මට්ටමක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ගංඟා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට මේ වන විට මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.
එමෙන්ම ගිං ගඟේ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ද මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී .තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොළ, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟේ පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.
Hits: 1