රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

0 27

අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන්, බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින වැසි සමග ඉදිරි පැය 24 තුළ කැලණි, ගිං, නිල්වලා ගංගා ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජලපෝෂක ප්‍රදේශයක් වන මහඑලිය රක්ෂිතයට ඇද හැලුණ අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ ජල ධාරිතාව ඉහල ගොස් කෙසෙල්ගමුඔය පිටා ගැලු බවයි බගවන්තලාව පොලිසිය පවසන්නේ.

පහත්බිම් රැසක් ජලයෙන් යට විම නිසා එම පහත්බිම් හරහා බගවන්තලාව ප්‍රදේශයේ වතු කිහිපයකට පිවිසෙන මාර්ගද ජලයෙන් යට වීම හේතුවෙන් දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

 

 

Hits: 0

You might also like
Comments
Loading...