අද දවසේ කාලගුණික තත්ත්වය

0 26

දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහත පරිදි වෙයි.

අද දවසේ කාලගුණික තත්ත්වය

Hits: 4

You might also like
Comments
Loading...