සාමකාමී විරෝධතාවයට එල්ල කළ අමානුෂික පොලිස් ක්‍රියාමාර්ගය හෙළා දකනිවා

අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය කියයි

0 122

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කොටුම්පතට එරෙහිව පසුගිය 8 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ වෘත්තීය සමිති නායකයින් එක්ව පවත්වන ලද සාමකාමී විරෝධතාවයට එල්ල කරන ලද අතිඅමානුෂික පොලිස් ක්‍රියාමාර්ගය හෙළා දකින බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය පවසනවා.

එම සමිති මහා සම්මේලනයේ සභාපති කේ.එම්. සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ නිදහස් අධ්‍යාපනය පාවාදීම සහ රටේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට තර්ජනයක වන කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගත යුතු බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක්රැස්වීමේ අයිතිය සහ නිදහසේ කතා කිරීමේ අයිතිය සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම මූලික අයිතිවාසිකම් යටතේ සහතික කර ඇති නම්ත රජය විසින් සෞඛ්‍ය රෙගුලාසි සහ නිරෝධායන නීති යැයි සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවයි එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පසෙකලා ඔවුන්ට අවශ්‍ය ආකාරයට නීතියට අතට ගෙන මෙලෙස රජය අත්තනෝමතික ලෙස කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයේ සඳහන්.

1978 විශ්වවිද්‍යාල පනත මිලිටරි බලයෙන් යට කිරීමට සැරසෙන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව නැගී සිටින බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සැලුසම් කිරීම පසෙකලා අධ්‍යාපනය මිලිටරිකරණය සහ පෞද්ගලිකරණයට මග පාදන කොතලාවල විශ්වවිද්‍යාල පනතේ බලපෑම පොදුවේ රටේ සමස්ත උසස් අධ්‍යාපනයට බලපාන බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය වාත්තීය සමිති මහා සම්මේලනය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

සාමකාමී විරෝධතාවයට එල්ල කළ අමානුෂික පොලිස් ක්‍රියාමාර්ගය හෙළා දකනිවා සාමකාමී විරෝධතාවයට එල්ල කළ අමානුෂික පොලිස් ක්‍රියාමාර්ගය හෙළා දකනිවා

Hits: 1

You might also like
Comments
Loading...