හෑෂ් හෙවත් හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 582.69ක් සමගින් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාළඹේ, සුසිලාරාම පාර, අංක 502 යන ස්ථානයේ පසුගිය 9 වැනිදා සිදු කරන ලද වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මේ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අම්බලන්තොට, තණලන්ද පාරේ දේවසිරි අයන් වර්ක්ස් ඉදිරිපිට ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,780ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(10) සවස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
Hits: 3