ජපන් රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අල්ලයි

0 23

ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

නවගමුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 8ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර පරීක්ෂණයේදී ජපානයේ රැකියා ලබාදෙන බවට පවසා දිවයිනේ විවිධ පුද්ගලයන්ට වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 32 ඇයට විරුද්ධව ඇති බවත්, ඇතැම් නඩුවලට අධිකරණය මග හැරීම හේතුවෙන් ඇයට වරෙන්තු 17ක්ද නිකුත් කර ඇති කාන්තාවක් බවද පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකාරිය දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි කාන්තාවක් බවයි.

Hits: 0

You might also like
Comments
Loading...