හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 29

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා පැමිණ තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය 9 වැනිදා සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම නිසා එම මාර්ගය 9 වැනිදා රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමිමට නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කළා.

මාර්ගයට කඩා වැටුණු විශාල පස් කන්දත් සමග ප්‍රධාන මාර්ගය අභියස පිහිටි නිවාස කිහිපයක සහ වෙලදසැල් කිහිපයක පදිංචිකරුවන් ඉවත් කිරිමට ආපදා කලමණාකරණ ඒකකය පියවර ගෙන තිබුණා.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තවදුරටත් සිදු කරන අතර, මාර්ගයට කඩා වැටුණු පස් සහ ගල් සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමෙන් එම මාර්ගයේ ගමනාගමන සඳහා  මාර්ගය විවෘත කරන බවයි නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය පවසන්නේ.

මාර්ගය වසා දැමිම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට කිතුල්ගල, ගිනිගත්හේන, පොල්පිටිය යන පොලිස් ස්ථානවලින් කටයුතු කර තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දැමේ

Hits: 0

You might also like
Comments
Loading...