අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද(11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වින්දිත දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියට අදාළව 28 සහ 29 සැකකරුවන් ලෙස මොවුන් අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
්‍ර
Hits: 1