බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට සිට ඉහළට

0 57

බස්නාහිර පළාත තුළ හෙට සිට ධාවනයට එක් කෙරෙන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව සියය දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පෙරවරුවේ දුම්රිය ගමන්වාර 50 ක් ද පස්වරුවේ දුම්රිය ගමන්වාර 50 ද වශයෙන් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නව දුම්රිය ධාවන කාලසටහනට අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම සිට දුම්රිය ගමන්වාර 17 ක් ද මුහුදුබඩ මාර්ගයේ අලූත්ගම, කලුතර, මොරටුව, පානදුර සහ ගල්කිස්ස සිට දුම්රිය 20 ක් ද ධාවනයට එක් කෙරෙනු ඇති.

පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුවේ සිට දුම්රිය ගමන්වාර 08 ක් ද කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම සහ පාදුක්කේ සිට දුම්රිය ගමන්වාර 05 ක් ද වශයෙන් දුම්රිය 50 ක් කොළඹට ධාවනය කරවීමට නියමිතය.

 

Hits: 1

You might also like
Comments
Loading...