වෛද්‍යවරියක් ඇඳුම් මාරුකරන ෆොටෝ ගත්ත දොස්තර රිමාන්ඩ්

0 27

රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයේ කාමරයක ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ලබාගත් බව කියන මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු රාගම පොලිසිය මගින් පසුගිය 10 වනදා රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ රාජකාරි කරන අතර ඔහු කල්මුණේ පදිංචිකරුවෙකි.

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව නතරවී සිටින මෙම වෛද්‍යවරයා අවිවාහකයෙකි.

සැකකාර වෛද්‍යවරයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගත් වෛද්‍යවරියක බැලීමට රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට යමින් සිටියදී මෙම ඡායාරූප ලබාගත් බවයි.

එහෙත් මෙම වෛද්‍යවරයා මුණගැසීමට පැමිණි වෛද්‍යවරිය පවසා ඇත්තේ තමන් මොහු නොහඳුනන බවයි.

සැකකාර වෛද්‍යවරයා විසින් සිය ජංගම දුරකථනයෙන් ලබාගත් වෛද්‍යවරිය ඇඳුම් මාරුකරන ඡායාරූප කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා 11 වනදා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු රාගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...