කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් CIDයට පැමිණිල්ලක්

0 58

පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ සිද්ධියට අදාළව විවිධ තරාතිරම්වල පුද්ගලයන්ව මේ වෙනකොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වගේම මේ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මකයි.

මේ අතරේ එක්තරා වෙබ් අඩවියකින් වැරදි තොරතුරක් සමාජගත කරමින් තමන්ගේ කීර්තිනාමය හානි කිරීමට කටයුතු කරන බව කොටුවේ පොඩි හාමුදුරුවෝ චෝදනාවක් කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිලි කරන්නත් උන් වහන්සේ පියවර ගැනුණා.

අදාළ වෙබ් අඩවිය මගින් තමන් වහන්සේගේ කීර්ති නාමයට හානි කිරීමට එරෙහිව ඊයේ(12) පෙරවරුවේ කොටුවේ පොඩි හාමුදුරුවන් හෙවත් පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ගොස් තිබුණා.

ජනාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ නම්ද ඈදා ගනිමින් එම වෙඩ් අඩවිය මගින් අසත්‍ය පතුරුවන බවටයි උන් වහන්සේ චෝදනා කරන්නේ.

පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේට සහාය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාද එම ස්ථානයට පැමිණ සිටියා. 

Hits: 0

You might also like
Comments
Loading...