ඇමරිකාවෙන් ලංකාවට රු. කෝටි 3000ක මූල්‍ය පහසුකමක්

0 31

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක (රුපියල් කෝටි 3000ක) මූල්‍ය පහසුකමක් සැපයීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇති බව වාර්තා වනවා. 

අමෙරිකා එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව(DFC) විසින් ද්විපාර්ශ්වික ණයක් ලෙස ලබාදෙන මෙම මුදල මෙරට පෞද්ගලික බැංකුවක් මගින් දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වෙත බෙදාහැරීමට නියමිතයි.

ලොව පුරා වෙසෙන අවශ්‍යතා සහිත ප්‍රජාවන් සවිබල ගැන්වීම මෙන්ම ස්ත්‍රී – පුරුෂ සමාජභාවයේ අසමානතාවය විසඳීම සහ ආර්ථික සමානාත්මතාවය වැඩිදියුණු කිරීම යන කරුණු සාක්ෂාත් කරගැනීම සඳහා මෙම ණය උපකාරී වනු ඇතැයි DFC පවසනවා.

මෙම පහසුකම DFC මගින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති විශාලතම ණය මුදලයි.

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 75ක(රුපියල් කෝටි 1500ක්) ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිප්ට්ස් පසුගිය ජූලි 06 වැනිදා නිවේදනය කළා.

එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව එම ණය මුදලද ප්‍රදානය කරන බව තානාපතිනිය පවසන්නේ. 

Hits: 2

You might also like
Comments
Loading...