පකිස්තානු කාන්තාවන්ට එරෙහිව කොදෙව් කාන්තාවන්ට එක්දින ජයක්

0 42

සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන්ද ජයග්‍රහණය ලබාගැනීමට සත්කාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූවා.

මින් පෙර පැවැති තරග දෙකෙන්ම ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

කණ්ඩායම් දෙක අතර පැවැති විස්සයි විස්ස තරග තුනෙන් ද ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වූවා.

ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු අටක ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49කදී සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබාගැනීමට සමත් වූවා.

Omaima Sohail ලකුණු 62ක් ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම වෙනුවෙන් Chinelle Henry සහ Anisa Mohammed කඩුලු 3 බැගින්ද Hayley Matthews කඩුලු දෙකක්ද Shakera Selman සහ Karishma Ramharack එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ජයග්‍රාහී ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී සිටියදී පන්දුවාර 40.1කදී පසුකිරීමට සමත් වූවා.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දුන් Hayley Matthews ලකුණු 100ක් ලබාගත්තා.

 

You might also like
Comments
Loading...