නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු සහ නගරබද පාසල්වල ගුරුවරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (14) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශ කිහිපයකදිම ආරම්භ කරනු ලැබුවා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ වතු සහ නගරබද පාසල් 41 ක ගුරුවරුන් 980 දෙනෙකුට කොවිඩ් 19 මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම හැටන් කොටගල දමිල මහ විද්‍යාලයේදී අද (14) දින සිදු කෙරෙනවා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාල එන්නත, එන්නත් කිරිම සිදුකළ අතර ගුරුවරුන්ට එස්.එම්.එස් පණිවිඩයක් හරහා ලබාදුන් වේලාව අනුව අදාල එන්නත් කිරීම සිදු කරන බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ. සුදර්ශන් මහතා කියා සිටියේ.
Hits: 0