දිස්ත්‍රික්ක 9කට අයත් ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29ක හුදකලාභාවය ඉවත් කර තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ සිටියේ අද(14) උදෑසන 6.00 සිට එලෙස එම ප්‍රදේශයන්හි හුදකලාභාවය ඉවත් කරන ලද බවයි.
එලෙස හුදකලාභාවය ඉවත් කරන ලද ප්‍රදේශ වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි පොලිස් බලප්‍රදේශයේ සාවට්කඩ්ඩු, යාපනය පොලිස් බලප්‍රදේශයේ රෙක්ලමේෂන් බටහිර, ගුරුනගර් බටහිර, කයිට්ස් පොලිස් බලප්‍රදේශයෙ කරයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස සහ කරයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කලවන්තාලව් කොටසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ප්‍රදේශය, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බලප්‍රදේශයේ හුලංකපොල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස, කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ බෙරමන දකුණ යන ප්‍රදේශද හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ නව කාත්තන්කුඩි කොටස උතුර, නව කාත්තන්කුඩි කොටස දකුණ, කරබලා පාර, ඒඑල්එස් මාවත, නුරානියා සුසාන භූමිය සහ බීච් පාර, වාලච්චේනේ පොලිස් බලප්‍රදේශයේ 1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි, 2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි යන ප්‍රදේශයන්හිද හුදකලා බව ඉවත් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බලප්‍රදේශයේ ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූව වත්තත් ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ප්‍රදේශයත් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත් කරන ලද ප්‍රදේශ වන්නේ රත්නපුර පොලිස් බලප්‍රදේශයේ කැලඳලප ග්‍රාම නිලධාරී වසමේ මුල්ලෙකන්ද වත්ත, පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල වත්ත ඉහළ කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 1 කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස, කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස, බෝපැත්ත වසම, ඇහැළියගොඩ පොලිස් බලප්‍රදේශයේ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගම වත්ත යන ප්‍රදේශයි.
එසේම නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගලල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පීන්කන්ද වත්ත 1 සහ 2 කොටස් පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පීන්කනද වත්ත 3 කොටසද හුදකලා බවින් මුදාහැර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් වසමේ හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 1, 2, 3 සහ 4 යන වතු නිවාස මෙන්ම දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්දවත්ත කොටසද හුදකලා බවින් මුදාහැර තිබෙනවා.
මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බලප්‍රදේශයේ කනුල්වෙල ප්‍රදේශයේද හුදකලා බව ඉවත් කර තිබෙනවා.
Hits: 2