සංචරණ සීමා ලිහිල් කළත් සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්න

0 31

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ අනාරක්ෂිත හැසිරීම් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ සංචරණ සීමා යම්තාක් දුරකට ලිහිල්කර පැවතියත් කොවිඩ් අවදානම අඩු වී නොමැති බැවින් මහජනතාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බවයි.

පවතින තත්වය හමුවේ ජන ඒකරාශිවීම් හැකිතාක් අවම කරන ලෙසද මහේන්ද්‍ර බාලසූරිය මහතා ඉල්ලා සිටියා.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත්කරණය සදහා විශේෂයෙන් වයස අවුරුදු 30ත් 40ත් අතර කාන්තාවන් වැඩි ප්‍රමාණයක් එන්නත් සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගෙන ඇති බව නිරීක්ෂණව වී ඇතිබවද මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළා.

ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක පුරා සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා සොඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත සහය දෙන්නැයි මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Hits: 2

You might also like
Comments
Loading...