රංජන්ගේ නිල නිවස ආපසු ගැනීමට කාලය ලංවෙයි

0 44

සිරදඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

නිවසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ .

ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදී තිබුණා.

එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ විමසුමකදී සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද එම අංශයේ නිලධාරියෙක් පෙන්වා දුන්නා. 

Hits: 0

You might also like
Comments
Loading...