දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය ජූලි 27 වැනිදා

0 33

කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය හෙතුවෙන් කල් දැමුණු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය ජූලි මස 27 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවලට තේරීපත්වී ඇති සභාපති, ලේකම් ස්වාමීන්වහන්සේලා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් බවයි.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම නිලවරණය පැවැත්වීමට නියමිතයි.

Hits: 2

You might also like
Comments
Loading...