සැප්තැම්බර් 01 තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නෑ

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

0 32

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් පළමුවනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද(14) දන්වා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි මෙම දැනුම්දීම කලේ.

ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටද හරීන් ප්‍රනාන්දු මහතා ගොණුකර ඇති පෙත්සම අද(14) යළි කැඳවු අවස්ථාවේදීයි.

කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි පෙත්සම සළකා බැලෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...