අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 19

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 420 ක් යතුරු පැදියකින් රැගෙනයමින් සිටි ජාවාරම්කරුවකු මන්නාරම, මුරුංකන් ප්‍රදේශයේදී මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගත් බව මුරුන්කන් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඉන්දියාවේ සිට මෙරටට ධීවර බෝට්ටු මාර්ගයෙන් ගෙනා අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා යතුරු පැදියේ සඟවා රැගෙන යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවකු බවට හදුනාගෙන ඇති බවත් සැකකරු අවස්ථා කිහිපයකදී තලෙයිමන්නාරම සිට වෙනත් ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවටගත් සැකකරු මුරුන්කන් පොලිසිය හරහා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය, මත්ද්‍රව්‍ය කර්යංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...