මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්රදේශයෙන් කිලෝ 20 කට ආසන්න බරකින් යුතු බෝම්බයක් සොයාගෙන ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ගෙවත්තක් වගාවන් වෙනුවෙන් බිම් සැකසීමේදී අදාළ බෝම්බය සොයාගෙන ඇති බවයි.
කාලතුවක්කු උණ්ඩ වෙනුවෙන් යොදාගත් බෝම්බයකට සමාන බෝම්බයක් එලෙස හමුව ඇති බවයි මුලතිව් ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
යුධ සමයේ එල්.ටී.ටී.ඊ . සංවිධානයේ කාලතුවක්කු වෙනුවෙන් යොදාගත් උණ්ඩයක් එලෙස හමුවන්නට ඇති බවට ආරක්ෂක සැක පළ කරනවා.
සොයාගත් බෝම්බය මුලතිව් මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්රීය කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Hits: 1