අඹන සොභා රක්ෂිතයක වනසතුන් ඝාතනයට විදුලිය යෙදු කමිබි ඇද්ද අයෙකුට වැඩවරදියි

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 121

වනසතුන් දඩයම් කිරිමේ අරමුණින් රක්ෂිතයක් තුළට විදුලිය යෙදු කම්බි අදින ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදා හැරිමට නාඋල ප්‍රධාන මහෙස්ත්‍රාත් හා සංචාරක මසේත්‍රාත් ආර්.ඩී. ජානක මහතා ඊයේ (13) නියෝග කර තිබෙනවා.

කලක් තිස්සේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹණ – වැල්ගාල ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සොභා රක්ෂිතයක වන සතුන්, මස් පිණිස ඝාතනය කිරිමේ අරමුණින් විදුලිය යෙදු කම්බි යෙදිම සැකකරු විසින් සිදුකර ඇති බව වනජිවි නිලධාරින් අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරු අවුරුදු තිස් පහක පමණ වයසැති පුද්ගලයෙකු බව ද වනජිවි නිලධාරීන් පවසනවා.

වන රක්ෂිතය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී කමිබි ඇද තිබෙනු දැක ඒ ඔස්සේ සිදුකරන ලද විමර්ෂණයක දි එම කම්බි යාබද නිවෙසක විදුලි පේනුවකට සම්බන්ධකර ඇති බව සහ එම කම්බි සඳහා විදුලිය මුදා හැර ඇති බව වනජිවි නිලධාරින් විසින් හදුනා ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවත් වනජිවි නිලධාරීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන මස 27 වෙනිදා නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැදවීමට නියමිතයි.

අඹන සොභා රක්ෂිතයක වනසතුන් ඝාතනයට විදුලිය යෙදු කමිබි ඇද්ද අයෙකුට වැඩවරදියි

Hits: 0

You might also like
Comments
Loading...