අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
”පුරවර විශ්වවිද්‍යාල” වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් එහි නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ.
පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන යටතේ පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරන නමුත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.
සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති වුවත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
Hits: 2