තියුණු ආයුධවලින් පහරදීමෙන් අයෙක් මරුට – තවත් අයෙක් රෝහලට

සැකකරුවන් හඳුනාගැනේ - එක් අයෙක් අත්අඩංගුවට

0 25

තියුණු ආයුධවලින් කරන ලද පහරදීමකින් වැලිගම, කප්පරතොට ප්‍රදේශයේදී  පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදු කර ඇතැයි වැලිගම පොලිසිය පවසනවා. 

පොලිසිය අනාවරණ කරන්නේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය ඊයේ(16) රාත්‍රී සිදුව ඇති බවයි. 

තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ තවත් පුද්ගලයකු බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස තියුණු ආයුධවලින්සි පහරකෑමෙන්දු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේදී පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන වයස පනහක (50 ) පුද්ගලයකු බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

වල්ලිවල පදිංචි වයස (52 ) අයෙක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. 

Hits: 1

You might also like
Comments
Loading...