කිලිනොච්චිය යුධ හමුදාව කාබනික පොහොර සැකසීමේ වැඩසටහනක් අරඹයි

මාධව කුලසූරිය - වවුනියාව

0 47

කිලිනොච්චිය ආරක්ෂක සේනාවන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඊයේ(16) කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මසකට ටොන් 30ක ධාරිතාවයකින් යුතුව අදාළ කාබනික පොහොර නිෂ්පාදිත ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ ආරක්ෂක අංශ ගොවිපොළවල් හා ප්‍රදේශයේ අවශ්‍යතාවය වෙනුවෙන් එහිදි කාබනික පොහොර ලබාදීමට නියමිතයි.

කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම හා තාක්ෂණික දැනුම ලබාදීම වැඩසටහනේ අරමුණ වන බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

කිලිනොච්චිය ආරක්ෂක සේනා 66  සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක මහතාගේ හා 663 බළසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂණ ලියනගම මහතාගේ මෙහෙයවීම යටතේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

 

Hits: 1

You might also like
Comments
Loading...