වැල්ලවාය නෙලුවගල මාර්ගයේ මෙත්සේවා පදනම ආසන්න ප්රදේශයේ දී අද (17) උදෑසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් වයස අවුරුදු දොළහක දරුවෙකු සහ වයස අවුරුදු විසිනවයක මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසෙහි ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතලේ ප්රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුරින් පසු ඔවුන් හදපානාගල ප්රාදේශීය රෝහලට ඇතුළුත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් හඳපානාගල රෝහලෙන් ඔවුන් වැල්ලවාය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
Hits: 0