සියලුම මැති ඇමැතිවරුන්ට 19දා පාර්ලිමේන්තුවේදී ඇන්ටිජන් පරීක්ෂාවක් 

0 39

පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

එදින උදේ 9.30 සිට දහවල් 12 .30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව එම දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සියලුම මැති ඇමතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනීමට නියමිතයි. 

Hits: 3

You might also like
Comments
Loading...