ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන 190,596,800ක් දක්වා ඉහළට

0 22

ලොව පුරා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 190,596,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට 173,686,887 දෙනෙක් සුවය ලබා ඇති අතර වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,095,895ක් වනවා.

ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස තවදුරටත් අමෙරිකා එක්සත් ජනපදය වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 34,930,425ක් වනවා.

ඉන් ආසාදිතයන් 624,615 දෙනෙක් මරණයට පත්ව ඇති අතර ආසාදිතයන් 29,358,531 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීම අතින් දෙවන ස්ථානයට පත්ව සිටින ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31,105,209ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 413,640ක් වන අතර ආසාදිතයන් 30,262,169 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

බ්‍රසීලයෙන් ආසාදිතයන් 19,308,109 දෙනෙක් වාර්තා වන අතර ඉන් 540,500 දෙනෙක් මරණයට පත්ව ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 17,951,699ක් වනවා.

ආසාදිතයන් 5,933,115 දෙනෙක් වාර්තා වන රුසියාව කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම අතින් සිව්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඉන් ආසාදිතයන් 5,322,345 දෙනෙක් සුවය ලබා ඇති අතර එරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 147,655ක් වනවා.

කෙසේ වෙතත් අද දිනයේ මේ දක්වා රුසියාවෙන් ආසාදිතයන් 25000කට අධික සංඛ්‍යාවක් තහවුරු කරගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

You might also like
Comments
Loading...